21 වන පාපන්දු ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබා ගන්නා හා ඔවුන්ගේ ප්රතිවාදී කණ්ඩායම් තීරණය වන මූලික වටයේ අවසන් තරග අද සිට ආරම්භ වීමට නියමිතයි. මේ අනුව එකම කාණ්ඩයේ තරග දෙක එකම වේලාවකට ආරම්භවනවා.
රුසියාවේ පැවැත්වෙන තරගාවලියේ ජී කාණ්ඩය යටතේ පැවති තරගයකදී පැනමාව පරාජයට පත් කරමින් විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට එංගලන්තය සමත්වුණා. ගෝල එකට හයක් ලෙස ලබා ගත් මෙම ජයග්රහණය හේතුවෙන් එංගලන්තය සුපිරි කණ්ඩායම් 16 තරග වටයට සුදුසුකම් ලබා ගත්තා. මේ අතර එච් කාණ්ඩයට යටතේ පැවති තරගයකදී ගෝල තුනට බින්දුවක් ලෙස පෝලන්තය පරාජය කිරීමට කොලොම්බියාව සමත්වුණා. එම කාණ්ඩය යටතේ ජපානය හා සෙනෙගාලය අතර පැවති තරගය ගෝල දෙකට දෙකක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. මේ අනුව ලබන 28 වනදා සෙනෙගාලය හා කොලොම්බියාව අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 16 අතරට පිවිසීමේ අවස්ථාව හිමිවනවා.