බි්රතාන්යයේ විලියම් කුමරු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන් යාහු සමඟ සාකච්ඡා කිරිමට සැළසුම් කර තිබෙනවා. පස් දින මැද පෙරදිග සංචාරයේ දී විලියම් කුමරු පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවන බවයි බි්රතාන්ය මාධ්‍ය වාර්තා කළේ.
විලියම් කුමරා ජෝර්දාන ඔටුන්න හිමි අල් හුසේන් බින් අබ්දූල් කුමරු අම්මාන් නුවරදී හමු වුණා. දීර්ඝ වේලාවක් ඔවුන් සුහද කතාබහක නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.