උතුරු කැලිෆෝනියා ප්රාන්තයේ ඇති වූ ලැව් ගින්නකින් අක්කර 3000ක පමණ ප්රදේශයක් විනාශ වී තිබෙනවා. අවට සිටින පදිංචිකරුවන් 2500කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද බලධාරීන් කටයුතු කළා.
ගොඩනැගිලි 600කට පමණ හානි සිදුව ඇති බවද එරට වාර්තා සදහන් කරනවා. ගිනි නිවන භටයින් 230කට වැඩි පිරිසක් ගින්න නිවා දැමීමේ මෙහෙයුම් සදහා යොදවා තිබෙනවා.