fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවියා ඝාතනය ගැන වනජීවි නිලධාරියෙකුගේ හෙළිදරව්ව

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2018 11:21

දිවියා ඝාතනය ගැන වනජීවි නිලධාරියෙකුගේ හෙළිදරව්ව

පසුගිය 21 වනදා දහවල් කිලිනොච්චිය ආම්බල්කුලම් ගම්මානයේ දී  මරා දැමූ කොටියා මිය ගියේ පාර්ශව කිහිපයකම වරදින් බව විවිධ චෝදනා එල්ල වෙනවා.ඇතැමුන් මේ පිළිබඳව චෝදනා විවිධ පාර්ශ්ව වෙත එල්ල කරද්දී කොටියා මරා දමන මොහොතේ එම ස්ථානයේ සිටි බව කියන වනජීවී නිලධාරියෙක් තමන්ගේ අදහස් මුහුණු පොතට එක් කර තිබුණේ මේ විදියට.

“මෙම දිවියා ගමට ආ බවට ආරංචි වූ කිලිනොච්චිය වනජීවී නිලධාරීන් වන අපි පනිවිඩය ලැබූ සැනින් එම ස්ථානයට ගියා.පොලිසිය මහත්වරුන් කීප දෙනෙකු සිටියත් ඔවුන්ගේ කීම පවා පිලිගැනීමට මිනිසුන් සූදානම් වූයේ නැත.මිනිසුන්ගේ හැසිරීම,කලහකාරී බව,ඔවුන්ට මෙම සතා මැරීමට තිබූ උනන්දුව දැක්කේ එතන හිටිය අපි විතරයි.මිනිසුන් 400-500ක් කඩු පොලු අරන් ඒ අවස්‍ථාවේ හැසිරුණු ආකාරය දැක්කේ අපි විතරයි.පශුවෛද්‍ය නිලධාරිතුමා සතා නිර්වින්දනය කිරීමට සූදානම් වෙනකොට මිනිස්සු 100 විතර ඉස්සහට ඇවිත් සතා මරන්න හදනකොට සතා නිර්වින්දනය කරන බෙහෙත එතන මිනිහෙක්ගේ වැදුනානන් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.ඒ මිනිසුන්ට ඇත්තටම උවමනා උනේ සතා මරන්න.අපි ඒක ඔවුන්ගේ හැසිරීමෙන් දැක්කා.අපි තුවක්කු ආරක්ශා කර ගන්නත්,වාහන ආරක්ශා කර ගන්නත් යන දේ ඒ අවස්‍ථාවේ කර ගත යුතුය.විශේෂයෙන් තුවක්කු ආරක්ශා කර ගත යුතුය.පොලිස් සහය හැර වෙන දෙයක් අපි දුටුවේ නැත.අප එතනින් ඉවත් උනේ පොලිස් සහය ලබා පැමිණිමටය.”

​සබැඳි ; 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2018 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්