හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා තිබෙනවා.පසුගිය රජය සමයේ වීරකැටිය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා තිබෙන්නේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචානාධිකරණයේදී එකග වී තිබෙනවා. ඒ අනුව මේ වන විටත් එම කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=aywEjgf7P-U&feature=youtu.be”]