වයස අවුරුදු 19 න් පහළ අන්තර්පළාත් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගැනිමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සමත් වුණා. ඒ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම පරාජයට පත් කරමින්.
කොළඹ සී.සී.සී ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 225 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බස්නාහිර පළාත් උතුර කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200ක් පමණයි. බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම ජයග්‍රහණය කරා කැදවාගෙන ගිය කමිළ විශාර තරගයේ වීරයා ලෙස සම්මානය දිනා ගත්තා. තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කළ තරිදු මෙන්ඩිස්ටයි.