ජනාධිපති කුසලාන පිලිමලුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් වෙස්ලි විදුහල පරාජය කරමින් ජයග්රහණය ලබා ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් වුණා.
කොළඹ සුගතදාස ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට ශාන්ත පීතර විදුහල ලකුණු 10 ක් ලබාගැනීමට සමත් වුණා. ඒ වන විට වෙස්ලි විදුහලට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 7 ක් පමණයි. දෙවන අර්ධයේදීත් සිය ග්රහණය දැඩි කළ පීතර ක්රීඩකයින් ලකුණු 23 ට 13 ක් ලෙස පහසු ජයක් හිමිකර ගැනීමට සමත් වුණා. මේ අනුව ලබන 30 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට ශාන්ත පීතර විදුහල සමගින් මරදාන ශාන්ත ජෝසප් විදුහල තරග වැදීමට නියමිතයි.