තුර්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද ගණනක් කිරීමෙන් එරට ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් ජය හිමිකර ගෙන ඇති බව එරට මැතිවරණ කොමිසම පවසනවා.
තුර්කි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඊයේ දිනයේ පැවැත්වුණා. ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 56.39ක පිරිසක් සුදුසුකම් ලබා සිටියා. වැඩි ඡන්ද ප්‍රතිශතයක් ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන්ට හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අවසන් නිල ඡන්ද ප්‍රතිඵල ලබන සිකුරාදා නිකුත් කරන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. තුර්කි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද රිසෙප් තයිප් එර්දෝගන් එම මැතිවරණ කලින් පැවැත්වීමට තීරණය කළා. වසර 15ක කාලයක් පුරා පැවති සියලු මැතිවරණයන්හි ජය හිමි වූයේ ජනාධිපති එර්දෝගන් හට වීමද විශේෂත්වයක්.