කිලිනොච්චිය ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමට අදාළව තවත් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුනු දිවියෙකු එම ගම්වාසීන් විසින් පහර දී මරා දමා තිබුණේ පසුගිය 21 වනදායි. මෙම දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට ගිය වනජීවී නිලධාරීන්ට ගම්වැසියන්ගෙන් ඒ සදහා ඉඩක් ලැබුණේ නැහැ. වනජීවී නිලධාරීන් ආරක්ෂක අංශ සමග එම ස්ථානයට පැමිණෙන විට අදාළ සත්වයා ඝාතනය කර තිබුණා. මේ සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. මෙම සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වීඩියෝ පට හා ඡායාරූප ඔස්සේ හදුනා ගැනීමෙන් අනතුරුවයි. සැකකරුවන් අද දින කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.