තිස් වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරගයක් වන නෙට් බෝල් තරග මහරගම තරුණ සේවා ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණා. දිවයිනේ සියළු දිස්ත්‍රික් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් විසි හය බැගින් තරගාවලිය සදහා සහභාගී වී සිටිනවා.
ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රභාත් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ සමාරම්භය පැවැත්වුණා. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් විසි හය වනදා සිට තිස් වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.