fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක තරග 03 ක්

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2018 14:52

පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක තරග 03 ක්

රුසියාවේ පැවැත්වෙන 21 වන පාපන්දු ලෝක කුසලානයේ තීරණාත්මක තරග 03 ක් ඊයේ දිනයේ දී පැවැත්වුණා. එෆ් කාණ්ඩය යටතේ ජර්මනිය සහ ස්වීඩනය අතර පැවති තරගයෙන් ගෝල 02 ට 1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට  ජර්මනිය සමත්වුණා. ඒ සමගින් අවසාන කණ්ඩායම් 16 අතරට පැමිණිමේ අවස්ථාව ජර්මනිය උදාකරගත් බවයි  ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.  ජර්මනිය වෙනුවෙන්  ටෝනි ක්‍රෝස් සහ මාර්කෝ රියස් ගෝල වාර්තා කළා.

එෆ් කාණ්ඩයේ පැවති තවත් තරගයකින් දකුණු කොරියාව ගෝල 02 ට 01 ලෙස පරාජයට පත් කිරීමට මෙක්සිකෝව සමත්වුණා.  කාලෝස් වේලා සහ හවියෝ හර්නැන්ඩස් මෙක්සිකෝව වෙනුවෙන් ගෝල වාර්තා කළ අතර   එෆ්  කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මෙක්සිකෝව මේ වන විට සමත් වී තිබෙනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී අවසන් කණ්ඩායම් 16 අතරට මෙක්සිකෝව පිවිසි පළමු අවස්ථාවද මෙය වනවා.

මේ අතර ජී කාණ්ඩයේ බෙලිජියම සහ ටියුනීසියාව අතර පැවති තරගයෙන් ගෝල 05ට‍ 02 ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබාගනීමට බෙල්ජියම සමත්වුණා. රොමෑලු ලුකාකු  සහ ඊඩ්න් හසාඩ්  ගෝල 02 බැගින් ද මිසී බට්සුයි බෙල්ජියම වෙනුවෙන් එක් ගෝලයක් ද වාර්තා කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2018 14:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්