බෝනොවන රෝග පාලනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දී ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=iy0xJkAqJ9s&feature=youtu.be”]
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධාන කළ සෞඛ්‍ය ධාවන තරගය සහ පාගමනට සහභාගිවෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රනශාලා පරිශ්‍රයේදී වැඩසටහන පැවැත්වුණා. සමබර ආහාරක් නිරෝගී සිරුරක් යන තේමාව යටතේ එය සංවිධාන කර තිබුණා. සෞඛ්‍ය ධාවන තරගයේ ජයග්‍රාහිකයින්ට ත්‍යාග පිරි නැමුණේද අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය ඒ එච් එම් ෆවුසි ,නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මින් මෙන්ම කලාකරුවන් , විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.