සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් නන්ගග්වා ඉලක්කකර ගනිමින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට දිවි බේරා ගැනීමට හැකිව තිබෙනවා.සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ නගරයේ පැවති රැස්වීමකදීයි මෙම බෝම්බය පුපුරා ගොස් ඇත්තේ.
ජනාධිපතිවරයා රැස්වීම අමතා වේදිකාවෙන් පිටත්ව යාමට සූදානම් වනවාත් සමග බෝම්බය පුපුරා ගොස් තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධියෙන් සිම්බාබ්වේ උප ජනාධිපතිවරුන් දෙදෙනාද තුවාල ලැබුවා. වසර 37ක රොබට් මුගාබේ පාලනයෙන් පසුව එමර්සන් නන්ගග්වා සිම්බාබ්වේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ පසුගිය නොවැම්බර් මාසයේදීයි.