පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට උත්සාහ කළ සැකකරුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. මාතර ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත් වුණේ. එම කොල්ලකෑම වැළැක්වීමට උත්සාහ කළ අවස්ථාවේදී මිය ගිය පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් නිලයට උසස් කෙරුණා. එම නිලධාරියාගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වූවා. වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර,
[ot-video type=”youtube” url=”https://youtu.be/KNsvujWDOkY”]
ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් 3 දෙනා මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මාතර ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ නියෝගයට අනුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරුවන් පරික්ෂා කිරීමෙන් අනතුරුව ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
මාතර නගරයේ රන් භාණ්ඩ අලෙවිසල කොල්ලකෑමට ඊයේ (22) පැමිණි පිරිස හා පොලීසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා ජීවිතක්ෂයට පත්වුණා. ඒ මහතාගේ දේහය මාතර ගොඩගම ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන ඒම සිදුවුණා. ඒ මහතාගේ නිවසට අද (23) පෙරවරුවේ පැමිණි වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා දේහයට අවසන් ගෞරව දැක්වූවා. එමෙන්ම පොලිස් කොස්තාපල් වීරසිංහ මහතා සැරයන් නිලයට උසස් කිරීමට අදාළ නිල ලාංඡනය, නිල ඇඳුමේ පැළඳවීම හා හිස් ආවරණය ලබා දීම දකුණ හා සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්රැන්ක්ලි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
මේ අතර අභාවප්‍රාප්ත පොලිස් සැරයන්වරයාගේ නිවසට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සාගල රත්නායක මහතා දේහයට අවසන් ගෞරව දැක්වූවා. පොලිස් සැරයන් වීරසිංහ මහතාගේ නිවස ඉදිකර ගැනීම සදහා අවශය සහාය ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/KHnhWDIBECw”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/mathara2-1.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/mathara3.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/mathara4.png”]