රටේ දරුවන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
රාජකීය විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයේ සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. 1960 වසරේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ගේ එකමුතුවෙන් ප්‍රතිසංස්කරණය කළ පළමු වසර පංති කාමර යළි සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පංති කාමර සංකීර්ණය විවෘත කළ අග්‍රාමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස එහි වත්මන් සිසු දරුවන් සමග කතාබහක නිරත වීමට ද අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැහැ. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ සියලු පාසල් දියුණු කිරීමට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/k1wj2XWGXRA”]