fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්මන් රජය මාධ්‍ය නිදහස තහවුරු කර තිබෙනවා

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2018 17:30

වත්මන් රජය මාධ්‍ය නිදහස තහවුරු කර තිබෙනවා

පසුගිය පාලන කාලයේ මෙන් නොව වත්මන් රජය යටතේ රටේ සිදුවන ඕනෑම සිද්ධියක් වාර්තා කිරීමට මාධ්‍යයට  නිදහස ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මාතර තිහගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

පසුගියදා ඇති වු ගංවතුරෙන් විපතට පත් මාතර තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 404 ක් සඳහා මූල්‍යාධාර පිරිනැමීම අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැයකෙරුණු මුදල රුපියල් තුන්කෝටි හතලිස් තුන්ලක්ෂ විසිතුන්දහසක්. දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

අමාත්‍ය සාගල රත්නායක,

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2018 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්