හිටපු ජනාධිපතිවරයෙකු වන අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 94 වන ඡන්ම දිනය හා ජාතික නිවාස දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා.
සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම වසර අවසන් වනවිට චෛත්‍ය 25 ක් ඉදිකිරීමට නියමිතයි. එය සමාරම්භක උත්සවය නාච්චදූව ශ්‍රාවස්තිපුර ශ්‍රී ස්වර්ණජයන්ති විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සසුනට අරුණ වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහන යටතේයි එය පැවැත්වුණේ.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/ag62u-WOgck”]
මේ අතර දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ඡන්ම දිනය සහ ජාතික නිවාස දිනය නිමිත්තෙන් කොස්ගොඩ පියගම දී ද සමරු වැඩසටහනක් සංවිධානකර තිබුණා. ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. කොස්ගොඩ, පියගම පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදුකෙරුණා. කොස්ගොඩ ප්‍රදේශයේ ජනතාවයි උත්සවය සංවිධාන කළේ.