ඉතියෝපියාවේ නව අග්රාමාත්ය අබි අහමඩ් සහභාගි වූ රැළියකට බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබෙනවා. ප්රහාරයෙන් අග්රාමාත්ය අබි අහමඩ්ට කිසිදු හානියක් සිදුව නැහැ. ඔහු රැළිය ඇමතීමෙන් සුලු මොහොතකට පසුවයි බෝම්බ ප්රහාරය එල්ලවී ඇත්තේ. අඩිස් අබාබා හි පැවති රැළියට විශාල පිරිසක් සහභාගිවී සිටි බව එරට වාර්තා සදහන් කරනවා. පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබද මෙතෙක් තොරතුරු හෙළිව නැහැ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/thumbs_b_c_2b480e3d6c58de7c219cb973b30550a2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/100596256_b9f364d5-3edd-41d2-ae57-8fdfde234163.jpg”]