ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ඉල්ල කරගනිමින් 2016 දී එල්ලවූ ම්ලේච්ඡ ත්රස්ත ප්රහාරයට වරදකරු වූ එරට ඉස්ලාමීය පුජකවරයෙකුට මරණ දඩුවම නියම කරතිබෙනවා. ඒ ඉන්දුනීසියා අධිකරණය සිදුකළ විශේෂ නඩු විභාගයකින් අනතුරුව. අයි එස් ත්රස්ත සංවිධානයට සම්බන්ධ වී පුජකවරයා මෙලෙස ප්රහාරය එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. 2010 වසරේ සිට සිර භාරයේ සිටින මොහු සිර මැදිරිය තුළ සිට ප්රහාරය සැලසුම් කර ඇති බව අධිකරණයේදී සනාථ වුණා.