අන්තර් පළාත් පොලිස් මලල ක්‍රීඩා උළෙලේ උතුරු මැද පළාත් තරගාවලියේ ශූරතාව අනුරාධපුර එක කොට්ඨාසය දිනාගත්තා. උතුරු මැද පළාත් පොලිස් නිලධාරීන්ගේ කායික හා මානසික ඒකාග්‍රතාව වර්ධනය කිරීමේ අරමුණෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුවයි ක්‍රීඩා උළෙල සංවිධාන කෙරුණේ. ක්‍රීඩා උළෙල සදහා උතුරුමැද පළාත නියෝජනය කරමින් පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 278 දෙනෙකු සහභාගි වුණා. ජවන හා පිටිය තරග 20 ක් තරගාවලියට ඇතුළත් වූ අතර එහි ශූරතාව දිනාගත්තේ අනුරාධපුර එක කොට්ඨාසයයි. අනු ශුරතාව තඹුත්තේගම කොට්ඨාසයට හිමිවුණා. උතුරු මැද හා වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී සමාප්ති උළෙල පැවැත්වුණේ.