දළ දේශීය නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් සෞඛ්‍ය ක්ෂේත්රය සදහා වෙන්කර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මේ ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
වතුපිටි වල ජේ පී ඔබේසේකර ආර්යා මූලික රෝහලේ පැවති උත්සවයකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළා. රෝහලේ නව රුධිර කාන්දු පෙරණ ඒකකය සහ නව හෘද රෝග ඒකකය විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර රෝහලට අඩුවක්ව පැවති ටූ ඩී එකෝ යන්ත්‍රයක්, ව්‍යායාම ඊසීජී යන්ත්‍රයක්, කෘත්‍රීම ශ්වසන උපකරණ සහ දැඩි නිරික්ෂණ ඒකකය සදහා ඇදන් තුනක් පිරි නැමිමද සිදුකෙරුණා. අත්තනගල්ල රජමහාවිහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින්වහන්සේගේ ධන පරිත්‍යාගයෙනුයි ව්‍යායාම ඊසිජී යන්ත්‍රය ලබා දීම කෙරුණේ. ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන්වහන්සේ සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා, රෝහල් වෛද්‍ය අධිකාරී ප්‍රියන්ත විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://youtu.be/rgGzHReyTD0″]