ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවන බව පවසනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ උතුරු කොරියානු න්‍යෂ්ටික අවි ආයුධ තවමත් අසාමාන්‍ය තර්ජනයක් බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ උතුරු කොරියාවෙන් කිසිදු බලපෑමක් නොමැති බවට ප්‍රකාශ කිරීමෙන් දින 10 කට පසුවයි. එහෙත් පසුගිය ජූනි 13 වනදා ව්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියේ උතුරු කොරියවෙන් තවදුරටත් න්‍යෂ්ටිත අවිආයුධ තර්ජනයක් නොමැති බවයි.
මේ අතර ඇමෙරිකාව සහ දකුණූ කොරියාව අතර ඒකාබද්ධ හමුදා පුහුණූ වැඩසටහන් දෙකක් නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කළා. මෙලෙස පුහුණු වැඩසටහන් නවතා දමා ඇත්තේ ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයාගේ සාකච්ඡාවෙන් පසුවයි. පසුගියදා පැවති සාකච්ඡාවේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ කොරියානු කලාපය න්‍යෂ්ටික අවි ආයුධවලින් තොර කලාපයක් කරන බවයි.