ජාත්‍යන්තර යෝග දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයයි ජාත්‍යන්තර යෝග දින සැමරුම් උත්සවය සංවිධාන කළේ. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ යෝග ආයතන සදහා සහතිකපත් පිරිනැමිමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.
යෝග ක්‍රම පිළිබදව තොරතුරු ඇතුළත් ග්රන්ථ එකතුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ යෝග පුහුණු කිරිමේ ආයතන රැසක් මෙහිදි යෝග අභ්‍යාස ඉදිරිපත් කළා. අමාත්‍යවරුන් වන මනෝගනේෂන්, පලනි දිගම්බරන් යන මහත්වරුන් සහ දෙස්විදෙස් නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.