මාතර ස්වර්ණාභරණ අලෙවි සැල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන චාමර ඉන්ද්‍රජිත් මියගොස් තිබෙනවා. ඒ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිසිය එල්ල කළ ප්රතිප්රහාරයකින්. මාතර කිරලකැලේ ප්‍රදේශයේ සඟවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක් රැගෙන චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු ජිවිතක්ෂයට පත්වුණා.