මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙදසැලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් අපරාධ රැසකට සම්බන්ධ බවට හෙලිවී තිබෙනවා. මෙම සිද්ධියේදී වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මාතර නගරයේ පිහිටි ස්වර්ණාභාරණ වෙළෙදසැලක් කොල්ලකන බවට අද (22) උදෑසන ලැබුණ තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී කොල්ලකරුවන් වෙඩි තබා ඇති අතර දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
නීතීඥ රුවන් ගුණසේකර – පොලිස් අධිකාරි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=jEfeWJxboXI&feature=youtu.be”]
මෙම ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමට හය දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් පැමිණ තිබෙනවා. පොලිස් ප්‍රතිප්‍රහාර හමුවේ කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි අතහැරදමා මාර්ගයේ තිබූ වෙනත් යතුරුපැදි කොල්ලකා පළාගොස් තිබෙනවා. කොල්ලකරුවන් හඹාගිය පොලිස් කැබ් රථයක් ද අනතුරට ලක්වුණා. අත්අඩංගුවට පත් සැකකරුවන් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 33 ක් වන සුරංග ප්‍රදීප් වීරසිංහ නමැති පොලිස් නිලධාරියායි. ඔහු මාතර ගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර හික්කඩුව වෑවල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුද්ගල ඝාතන 04 ක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින දැනට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බව පොලීසිය ප්‍රකාශ කළා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/29c58c92fa1415a05084cd0bd671aa2971f96aa9.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/mathara2.png”]