කිලිනොච්චි ප්රදේශයේ දී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චිය අධිකරණය අද (22) පොලීසියට නියෝග කළා.
අම්බාල්කුලම් ගම්මානයට දිවියෙකු පැමිණ ඇති බවට වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට ප්රදේශවාසීන් ඊයේ (21) පියවර ගෙන තිබුණා. එහෙත් එම නිලධාරීන් නිරායුධව පැමිණීම හේතුවෙන් ප්රදේශවාසීන් විරෝධය දැක්වූ බව ද වාර්තා වුණා. දිවියා අල්ලා ගැනීමේ කටයුතුවලට ප්රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට බාධා කිරීම හේතුවෙන් ඔවුන් එම ස්ථානයෙන් පිටව යාමෙන් අනතුරුව ප්රදේශවාසීන් එක්ව ඉතා කෘෘර ලෙස පහරදීම හේතුවෙන් දිවියා ඝාතනයට ලක්වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම පැහැදිලි කරමින් නීතීඥ ජගත් ගුණවර්ධන මහතා කියාසිටියේ මෙය ඇප ලබාදිය නොහැකි වරදක් බවයි.
නීතීඥ ජගත් ගුණවර්ධන,
[ot-video type=”youtube” url=”https://youtu.be/FZBDqDx7YPQ”]
පාර්ලිමේන්තුවේදී ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා,
[ot-video type=”youtube” url=”https://youtu.be/2OvviKIOP2s”]