යුරෝපා සංගමය ඇමෙරිකාවට එරෙහිව පනවා ඇති නව තීරු බදු අද සිට ක්රියාත්මක වනවා. යුරෝපා සංගමය තීරණය කර තිබෙන්නේ යුරෝ බිලියන දෙකයි දශම අටක වටිනාකමින් යුත් බදු ඇමෙරිකාවට එරෙහිව පැනවීමටයි. ඒ අනුව ඇමෙරිකාවෙන් ආනයනය කෙරෙන ආහාර වර්ග,දොඩං යුෂ, පාපැදි, ඩෙනිම් කලිසම් සහ මත්පැන් ආදිය සදහා නව බදු පැනවෙනවා. යුරෝපයෙන් ආනයනය කෙරෙන ඇලුමිනියම් සහ වානේ සදහා නව තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගියදා තීරණය කළා. ඊට ප්රතිචාර දක්වමින් යුරෝපා සංගමය ඇමෙරිකාවට එරෙහිව මෙලෙස නව තීරු බදු පැනවීමට තීරණය කළා.
යුරෝපා සංගමය ඇමෙරිකාවට පනවා ඇති නව තීරු බදු අද සිට
කියවීමට මිනිත්තු 1