fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආජන්ටිනා කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 12:58

ආජන්ටිනා කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක්

පාපන්දු ලොව ප්‍රබල ක්‍රීඩකයෙක් වන ලයනල් මෙසී ක්‍රීඩා කරන ආජන්ටිනා කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක් මෙවර පාපන්දු ලෝක කුසලානයේදී හිමිවුණේ පාපන්දුලෝලීන් බලාපොරොත්තු නොවූ ක්‍රොඒෂියා කණ්ඩායමෙන්.

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඩී කාණ්ඩය යටතේ පැවති තරගයකදී ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම ගෝල තුනට බිංදුවක් ලෙස පරාජයට පත් කිරීමට  ක්‍රොඒෂියාව සමත් වුණා. මෙම පරාජයට හේතුව ලෙස පාපන්දු විචාරකයින් පෙන්වා දෙන්නේ ආජන්ටිනාව කණ්ඩායමක් ලෙස ක්‍රීඩා නොකිරීම හා ලයනල් මිසීට අවශ්‍ය සහාය ක්‍රීඩාපිටියේදී සෙසු ක්‍රීඩකයින්ගෙන් හිමි නොවීමයි. සී කාණ්ඩය යටතේ පේරු රාජ්‍යය සමග පැවති තරගයෙන් ගෝල එකට බිංදුවක් ලෙස ප්‍රංශය ජයග්‍රහණය වාර්තා කළා. ඒ ලෝක කුසලානයකදී ගෝලයක් වාර්තා කළ ලාබාලතම ප්‍රංශ ක්‍රීඩකයා ලෙස කෝලියන් ප්‍රංශ වාර්තාවක් ද පිහිටුවමින්. එම කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව හා ඩෙන්මාර්කය අතර පැවති තරගය ගෝල එකට එකක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමා වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 12:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්