අමානුෂික ලෙස නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය මගින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ගාල්ල , ලබුදූව උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයනයේ කෘෂි තාක්ෂණ පීඨයේ සිසුසිසුවියන් පස් දෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
තමන්ට අමානුෂික ලෙස නවකවදය ලබාදුන් බවට නවක සිසුවියන් පොලීසියට පැමිණිලිකර තිබෙනවා. ඒ අනුව කළ විමර්ශනවලින් අනතුරුවයි සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔවුන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 4 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙම කෘෂි විද්‍යා පීඨයේ දෙවන හා තුන්වන වසරවල ඉගෙනුම ලබන සිසුවියන් 4 දෙනෙකු සහ එක් සිසුවෙකු ඒ අතර වනවා.