නීති විරෝධී ලෙස රැගෙන ආ විදේශ මුදල් නෝට්ටු හැටදහසක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මස්කට් සිට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු චීනය බලා යාමට සූදානම්ව සිටියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු ළග තිබූ නෝට්ටු හැටදහසම ඇමෙරිකා ඩොලර් නෝට්ටු වන අතර එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 96ක් පමණ වන බව නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සදහන් කළා.