fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ ලෝකේ නරක ශිෂ්‍යයන් කියලා ජාතියක් නැහැ, ඉන්නේ නරක ගුරුවරු විතරයි

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 19:43

මේ ලෝකේ නරක ශිෂ්‍යයන් කියලා ජාතියක් නැහැ, ඉන්නේ නරක ගුරුවරු විතරයි

“හිච්කී” කලකට පසු සුපිරි නිළි රාණි මුකර්ජි විසින් රඟන අතිවිශිෂ්ට හින්දි චිත්‍රපටයක්. අන්කූර් මල්හෝත්රාගේ පිටපතක් අනුව සිදුකළ මෙම සිනමාපටයේ අධ්‍යක්ෂණය සිද්ධාර්ත් මල්හෝත්රාගේ යි.ඊට නිෂ්පාදන දායකත්වය සපයන්නේ මහේෂ් ෂර්මා විසිනි.

පාසලක් පදනම් කරගෙන එහි 9 වසරේ පංතිවල අධ්‍යාපන ක්‍රමයේ සිදුවන විවිධ සංවේදී සිදුවීම් මෙම සිනමාපටයට පාදක කරගෙන තිබෙනවා.සංකීර්ණ සංවේදී මාතෘකා කොයිතරම් තියනව ද පාසලක් වටා කතාවක් ගොතා නිර්මාණය කරන්න,ඒ තුළින් සමාජය කොයිතරම් දැනුවත් කළ හැකි ද යන්න “හිච්කී”හොඳ උදාහරණ සපයනවා.

ගුරුවරයා කියන්නෙ කෙනෙකුගෙ ජීවිතයක් වෙනස් කළ හැකි පරම චරිතයක්. මුළු සමාජයක් ගොඩගන්න පුළුවන් වෘත්තියක්. හරියට සිද්ධ වුණා නම් අපේ රට වුණත් මොනතරම් නම් වෙනස් වෙන්න තිබුණද  කියලා හිතෙයි මේක බැලුවා ම.

බොහෝ ළමයින්ට විෂය ගොඩක් එපා කළේ ගුරුවරු.හොඳ ගුරුවරු උගන්නපු විෂය ඉහළින් සමත් වෙන්න හේතුව ඒකයි.බහුතරයක් ගුරුවරු ගුරුවරු නෙමෙයි පොලිස්කාරයෝ. ඒ අය බලං ඉන්නේ වැරැද්දක් අල්ලගෙන ඒකට නඩු ෆයිල් කරන්න මිස ළමයින්ට දැනුම බෙදන්න නෙමෙයි. හොඳ නරක කියා දෙන්න නොවෙයි.

මෙහි කතාවේ වඩා වැදගත් වන්නේ එහි සංකල්පය යි. එනම් කාන්තාවක් තමන්ගේ ලොකුම අඩුපාඩුව තමන්ගේ ලොකුම ශක්තිය කරගෙන සමාජ ක්‍රමය වෙනස් කිරීම හා සමාජයේ ආකල්ප වෙනස් කිරීම යි. බොළඳ කතාවලට ම හුරුවුණ අපේ චිත්‍රපට  හා ටෙලිවිශන් ප්‍රේක්ෂකයන්ට ශක්තිමත් සංකල්පයක් පදනම් කරගෙන නිර්මාණ බිහිකිරීමේ වැදගත්කම “හිච්කී” හොඳින්ම කියා දෙයි.

මිනිස්සු වෙනස් කරන්න ලොකු දේවල් ඕන නැහැ. ආදරය සහ එක වචන කිහිපයක් ඇති. “හිච්කී” තුළ ගුරු ගෝල බැඳීම හා ගුරු දෙගුරු බැඳීම වෙනස්ම ඉසව්වකට ගොස් තිබෙන බව විචාරකයන් පවසනවා.

අන්න ඒ නිසාම “හිච්කී” කවුරු කවුරුත් බලන්නම වටින චිත්‍රපටයක්. බැලුවට පාඩු නැහැ. ළමයින්ටත් පෙන්වන්න. දන්න කම්මැලි ගුරුවරු ඉන්නව පෙන්වන්න තමන්ගේ වෘර්තියෙන් කොපමණ සේවයක් සමාජයට කළ හැකිද කියා ඔවුන්ට ඉන් තෙරේවි එවිට…

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 19:43

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්