fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාප් වහන්සේ ස්විස්ටර්ලන්තයේ සංචාරයක

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 15:59

පාප් වහන්සේ ස්විස්ටර්ලන්තයේ සංචාරයක

අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ස්විස්ටර්ලන්තයේ සංචාරයක නිරත වනවා.උන් වහන්සේ ස්විස්ටර්ලන්තයේ එක් දිනක් පමණක් සංචාරය කරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ස්විස්ටර්ලන්ත ජනාධිපතිවරයා සහ ආගමික නායකයන් සමග උන් වහන්සේ සාකච්ඡා කිරීමට නියමිතයි.

ලෝක ක්‍රිස්තියානි සභාවේ හැත්තෑවන සංවත්සරය සැමරීමේ අරමුණින් පාප් වහන්සේගේ මෙම සංචාරය සිදුවනවා. ලෝක ක්‍රිස්තියානි සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන යාඥාවටද උන් වහන්සේ සහභාගී වනු ඇති. පාප් වහන්සේගේ පැමිණීමත් සමග ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්