fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔලිම්පික් දින ධාවන තරගය නුවරඑළියේදී

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 15:09

ඔලිම්පික් දින ධාවන තරගය නුවරඑළියේදී

ඔලිම්පික් දිනය වෙනුවෙන් ඔලිම්පික් දින ධාවන තරගය ලබන 25 වනදා නුවරඑළියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල හා ජොහාන් පීරිස් මෙවර ඔලිම්පික් දින ධාවන තරගයට එක්වීමට නියමිතයි.

ඊට පාසල් 50 ක් නියෝජනය කරමින් සිසු සිසුවියන් එක්වන බව ජාතික ඔලිම්පික් කමිටුව පවසනවා. නුවරඑළිය ජනාධිපති මන්දිරයෙන් ආරම්භ වන එය සිනෙසිටා ක්‍රීඩාංගණයෙන් අවසන් වීමටයි සැලසුම් කර ඇත්තේ. ඔලිම්පික් ධාවන තරගයට පෙර දින නුවරඑළිය ප්‍රදේශයේ ගුරුවරුන්ට ක්‍රීඩා පාඨමාලාවක් පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා. ඊට සමගාමීව පාසල් ළමයින් දෙසීයකගේ සහභාගීත්වයෙන් චිත්‍ර තරගයක් ද පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූනි 21, 2018 15:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්