ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රැසක සැමරුම් පැවැත්වුණා. එකම ස්ථානයකදී පුද්ගලයන් වැඩිම පිරිසක් යෝගා අභ්‍යාසවල නිරතවීමේ ගිනස් වාර්තාව තැබීමටද ඉන්දියාව අද (21) සමත් වුණා.
එම දැවැන්ත යෝගා අභ්‍යාසය පැවැත්වුණේ රාජස්ථාන් ප්‍රාන්තයේ කෝටා නගරයේදී. ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මෙම යෝගා අභ්‍යාසයට එක් වූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්රධානත්වයෙන්ද යෝගා දින සැමරුමක් පැවැත්වුණා. එම උත්සවයට පනස් දහසක පමණ පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. 2014 වසරේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ යෝජනාවකට අනුවයි ජාත්‍යන්තර යෝගා දිනය නම් කෙරුණේ. මේ වසරේ සැමරෙන්නේ හතර වන ජාත්‍යන්තර යෝගා දිනයයි.