සුක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගංජා ජාවාරමක් හෙළිකිරීමට කූපර් නැමැති නිල සුනඛයා සමත්වුණා. පොලිස් නිලසුනඛ අංශයේ පුහුණුව ලබා විසිර යාමෙන් පසු එම සුනඛයා සිදුකළ පළමු රාජකාරිය මෙය බවයි පොලිසිය පවසන්නේ. අංකුඹුර නගරයේ නිමි ඇදුම් අලෙවි සැලක මහන මැෂිමක් යට සඟවා තිබු ගංජා මිලිග්රෑම් 840 ක් මෙම නිල සුනඛයා සොයාගෙන තිබෙනවා. වෙළෙද සැල් හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

කූපර් වැඩ අරඹයි
කියවීමට මිනිත්තු 0