දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී. 50 ට වැඩි තරමක්තද වැසි ඇති විය හැක.අනුරාධපුර, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවේ.දිවයිනේ උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල සහ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන තරමක තද සුළං (පැ.කි.මී. 40-50පමණ) ඇති විය හැකියි.
දිවයිනේ උතුරු සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැ.කි.මී. 60-70 පමණ) ඇති විය හැක.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 35-45 ක් පමණ වේ.පුත්තලම සිට මන්නාරමහරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 -70 දක්වා වැඩිවිය හැකි අතර පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැක.හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. 50 දක්වාවැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තරමක්රළු විය හැකි අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.