ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එලිසබෙත් රැජින හමුවීමට නියමිතව තිබෙනවා.ඇමෙරිකා ජනාධිපතිවරයා ලබන මාසයේදී බ්‍රිතාන්‍යයේ සංචාරයකට සහභාගී වනවා.
බ්‍රිතාන්‍යයේ ඇමෙරිකා තානාපති රොබට් වුඩ් මේ බව තහවුරු කර තිබෙනවා. මේ පිළිබද සොයා බැලීමට ඇමෙරිකා ජනාධිපතිවරයාගේ විශේෂ නිලධාරී කණ්ඩායමක් ලබන සතියේ එංගලන්තයට යාමට සූදානම්ව සිටිනවා. මෙම සංචාරය ලබන මස 13 වනදා ආරම්භ වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම සංචාරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද හමුවීමට නියමිතයි.