ඇමෙරිකාවට එරෙහිව නව තීරු බදු පනවන බව යුරෝපා සංගමය පවසනවා.එම සංගමයේ ඉහළ පෙළේ නිලධාරියෙකුයි මේ බව ප්රකාශ කර ඇත්තේ. ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගිය මාසයේ දී යුරෝපයෙන් ගෙන්වන ඇලුමිනියම් සහ වානේ සදහා නව තීරුබදු පැනවීමට කටයුතු කළා.
ඊට ප්රතිචාර ලෙසයි යුරෝපා සංගමය මෙලෙස ඇමෙරිකාවට නව තීරු බදු පැනවීමට සූදානම් වන්නේ. ඒ අනුව යතුරුපැදි, මත්පැන්, ඩෙනිම් ඇදුම් ඇතුළු භාණ්ඩ කිහිපයකට තීරු බදු පැනවෙනු ඇති.