ලොව පුරා වෙසෙන සරණාගතයන්ට සහයෝගය පළ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජුනි මස 20 වනදා ලෝක සරණාගත දිනය ලෙස නම් කළා. 2001 වර්ෂයේ සිටයි මෙම දිනය ක්‍රියාවට නැංවුණේ.
යුද්ධය ගැටුම් හා හිංසන ක්‍රියා හේතුවෙන් සිය උපන් භූමිය හැර යන මිලියන ගණනක සරණාගතයන් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කෙරුණා. ඇතැම් පුද්ගලයන් රැකවරණ බලාපොරොත්තුවෙන් උපන් රටින් පිටවන අතර තවත් පිරිසක් සිය රට තුළදීම සරණාගතයන් බවට පත්වනවා. සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමිසමේ වාර්තා අනුව සිය උපන් රටින් පිටතට ගොස් සරණාගතභාවයට පත්ව ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 60ක්. යුදමය තත්ත්වයන් සහ වද හිංසාවන්ට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස දිනෙන් දිනම මරණාගතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වන බවක් පෙනී යනවා. අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ ජනතාව ආපසු සිය ගම්බිම්වල පදිංචි කරවීමේ දී ශ්‍රී ලංකාව ඉතා ඉහළ සාර්ථකත්වයක් මේ වන විට අත්පත් කරගෙන තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව, සුබ සාධනය, පෝෂණය මෙන්ම අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා රජය ක්‍රියාත්මකකොට ඇති වැඩසටහන් ලෝක සංවිධානවල ද ඇගයීමට ලක්වුණා.
මේ අතර උතුරේ ජනතාවගේ සුබ සිද්ධිය අරමුණු කර ගනිමින් දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති රැසක් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ අනුව කිලිනොච්චි කනගපුරම් විද්‍යාලය වෙනුවෙන් ඉදිකළ නව ක්‍රීඩාංගනය සිසු අයිතියට පැවරීම, තෝරාගත් ළමා නිවාසවල ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිපාදන ලබා දීම, ආබාධ සහිත දරුවන් අධ්‍යාපනය ලබන පාසල් 25 ක පහසුකම් සංවර්ධනය, තෝරාගත් පෙර පාසල්වලට පොත් කට්ටල ප්රදානය ඇතුලු වැඩසටහන් රැසක් සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි. මනෝ උපදේශනය, නීති උපදේශනය හා පැමිණිලි භාර ගැනීම සඳහා ජංගම සේවාවක් ද පැවැත්වුණා. මෙහිදී වකුගඩු රෝග අවදානමෙන් දරුවන් මුදා ගැනීම සඳහා පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති පවුල් දහසකට ගෘහස්ථ ජල පෙරණ ලබා දීම ද ජනාධිපතිතුමා අතින් සිදුවුණා.