පසුගිය රජය සමයේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ ගැටලු රැසක් තිබූ බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එම ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/-RMJq-iayG0″]
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වන ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගත් තුන්සිය පනස්තුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදුකෙරුණේ.
කතානායක කරූ ජයසූරිය,
[ot-video type=”youtube” url=”https://youtu.be/XZdUPDkEXFY”]
විෂයන් 35 ක් යටතේ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් මෙම පිරිස වෙත පත්වීම් පිරිනැමුණා. පුහුණු පාඨමාලා සදහා අදාළ උපකරණ කට්ටල ද ඔවුන් වෙත මෙහිදී ලබාදුන්නා. රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.