ගාසා තීරයේ හමාස් සංවිධානයේ ඉලක්ක 25කට ඊශ්රායල ප්රහාරක ජෙට් යානා රොකට් ප්රහාර එල්ල කර තිබෙනවා.සටන්කාමීන් ඊශ්රායල භූමි ප්රදේශයකට රොකට් සහ මෝටර් ප්රහාර එල්ල කිරීමත් සමගයි ඊශ්රායල හමුදා ප්රහාර එල්ල කළේ.
ඊශ්රායල භූමි ප්රදේශයට රොකට් සහ මෝටර් ප්රහාර 35කට ආසන්න ප්රමාණයක් එල්ල කර තිබෙනවා. ප්රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබුවා.