පූජ්‍ය පක්ෂයට අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිලිබඳ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ජාතික පිරිවෙන් දින උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
ජාතික පිරිවෙන් දින උත්සවය පැවැත්වුණේ අළුත්ගම කන්දේ විහාරයේදීයී. මෙරට පිරිවෙන් 752 ක් පිහිටුවා ඇති අතර එහි අධ්‍යාපනය ලබන ගිහි හා පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාව හැටහතරදහස ඉක්මවනවා. පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීමට දායකත්වය ලබාදුන් පිරිස මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. දක්ෂතා දැක්වූවන්ට සහතිකපත්‍ර ප්‍රදානයද සිදු කෙරුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මහාසංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අමාත්‍ය රාජිත සේනාරත්න,
[ot-video type=”youtube” url=”https://youtu.be/kUnV7omfyeQ”]