Country | Buying | Selling | |
![]() | Dollar | 179.39 | 183.06 |
USA | |||
![]() | Pound | 232.18 | 239.41 |
UK | |||
![]() | Euro | 197.73 | 204.49 |
EU | |||
![]() | Yen | 1.62 | 1.67 |
Japan | |||
![]() | Yuan | 25.72 | 6.91 |
China | |||
![]() | Dollar | 121.84 | 126.92 |
Australia |
ඉරාන ද්විපාර්ශවික වෙළෙඳ ගනුදෙනුවල වැඩිම වාසිය ශ්‍රී ලංකාවට
Related Articles
රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකා ඉරාන ද්වීපාර්ශවික වෙළෙඳ ගනුදෙවල වැඩිම වාසිය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට බවත්, 2016 දී දෙරටේ වෙළෙඳ ගනුදෙනු වටිනාකම ඩොලර් මිලියන 180 ක් වූ අතර, එය 2017 දී ඩොලර් මිලියන 188 ක් දක්වා 4.5% කින් වැඩි වූ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එයින් 94% ක්ම ශ්‍රී ලංකාවෙන් ඉරානයට සිදු කරන අපනයනයන් වන බවයි.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහම්මද් ෂයිර්ල් අමිරාණි මහතා (Mr.MohammedZaerlAmirani)හමු වී කරන ලද ද්වීපාර්ශවික සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉරාන ගනුදෙනුවල 2017 වසරේදී ඩොලර් මිලියන 177 ක් හෙවත් රුපියල් මිලියන 28,320 ක වටිනාකමක් වේ. ඉතිරි 6% ක ප්‍රමාණය අප ඉරානයෙන් ආනයනය කරනු ලබන අතර 2017 දී අපි ඉරානයට අපනයනය කරන ලද ප්‍රධානතම අපනයන භාණ්ඩය වූයේ සිලෝන් තේ නිෂ්පාදනයයි. එය ප්‍රතිශතයක් වශයෙන් දැක්වුවහොත් 90% ක් වෙනවා. මීට අමතරව වියළි පොල්, එළවළු මිශ්‍රණ ආදිය වේ.
අප ඉරානයෙන් ආනයනය කරන භාණ්ඩවල වටිකානම ඩොලර් මිලියන 11 ක් හෙවත්, රුපියල් මිලියන 1,760 ක් වේ. එය සමස්ත වෙළෙඳ ගනුදෙනුවලින් 6% ක ප්රතිශතයකි. අප ඉරානයෙන් ආනයනය කරන ප්‍රධාන භාණ්ඩ වන්නේ මාලු වර්ග, මිදි, වයර්, කේබල් හා ප්ලාස්ටික් භාණ්ඩයි. ශ්‍රී ලංකා ඉරාන ද්වීපාර්ශවික ආර්ථික සහයෝගීතා ඒකාබද්ධ කොමිසමේ මීළඟ සැසිවාර සාකච්ඡාව ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වීමත්, ඒ සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කිරීම ගැන අමාත්‍යවරයා සිය ස්තූතිය එක් කළේය.
පසුගිය දා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ප්රමුඛ දූත මණ්ඩලය ඉරානයේ කරන ලද සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඉරාන ද්වීපාර්ශවික ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සමුළුවට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහම්මද් ෂයිර්ල් අමිරාණි මහතා මෙහිදී ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
මේ සංචාරය නිසා දෙරටට ඉතා යහපත් ප්‍රතිඵල ගෙන ඒමට හැකි වූ පෙන්වා දුන් තානාපතිවරයා ඒ සඳහා ඉරානයේ ජනාධිපති හසාන් රහුමානි මහතා දෙරටේ ද්වීපාර්ශවික ඒකාබද්ධ ආර්ථික කොමිසමේ කටයුතු දිගටම පවත්වාගෙන යන ලෙස දැනුම්දී ඇති බව ද සඳහන් කළේය. මේ මඟින් දෙරටේම වෙළෙඳ ගනුදෙනු ඉහළ මට්ටමක පවත්වාගෙන යා හැකි බවත් තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.