වෙළද පොළේ සැමන් වර්ග පිළිබඳව වාර්තාවක් සකස් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ග පිලිබඳ සෙවීමේ වැටලීම් ආරම්භ කර තිබෙනවා. දිවයින පුරා නිලධාරින් 1800 දෙනෙක් ඒ සඳහා යොදවා ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා ප්‍රකාශ කළේ.
එළඹෙන පොසොන් උත්සවය මූලික කර ගනිමින් ආහාර වැටලීම් ආරම්භ කරන බවත් ලේකම්වරයා සඳහන් කළා
