විදේශීය පවුලක් රැගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතර කර තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් එම පවුලේ මව සහ සිව් හැවිරිදි දරුවෙකු මියගියා. පියා , පුතා සහ රියදුරන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැප්ම ප්‍රදේශයේ දී අද අළුයම මෙම අනතුර සිදුවුණා. කන්ටේනර් රථයේ රෝදයක දෝශයක් හේතුවෙන් එහි රියදුරු රෝදරය මාරුකරමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථය එහි ගැටී තිබෙනවා. ඉන් තුවාල ලැබූ ඕස්ට්‍රේලියා ජාතික කාන්තාව ඇල්පිටිය රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටියා. කන්ටේනර් රථයේ රියදුරුගේ පාද දෙකටම බරපතල තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසනවා. ඕස්ට්‍රේලියා ජාතික යුවල සිය දරු දෙදෙනා සමග තංගල්ල බලා ගමන් කරමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ. වැන් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව පොලීසිය පවසනවා.
මේ අතර දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේ දී ද අද අලුයම රිය අනතුරක් සිදුවුණා. කන්ටේනර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මෝටර් රථයකට ද හානි සිදුකරමින් වෙළෙඳසැලක ගේට්ටුවක් ද කඩාගෙන ගොස් නතරවී තිබෙනවා. මෝටර් රථයේ හිමිකරු සිය රථය නවතා අසල හෝටලයකට ගොස් සිටියදීයි අනතුර සිදුව ඇත්තේ. ඒ හේතුවෙන් ඔහුගේ දිවි බේරුණ ද මෝටර් රථයට දැඩි හානි සිදුවුණා.