ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත්වී තිබෙනවා.ඇමෙරිකාව පවසන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලනිකව පක්ෂපාතී බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකාවේ නියෝජිතවරිය වන නිකී හෙලී පැවසුවේ මෙම සංවිධානය මානව අයිතිවාසිකම් පිළිබඳ විහිලුවක් බවයි. පසුගිය වසරේ ද නිකී හෙලී එම කවුන්සිලයට චෝදනා කළා. එක්සත් ජනපදය ජගත් මානව හිමිකම් මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වන බවට මීට පෙර පවසා තිබුණා. මෙම කවුන්සිලය රටවල් 47 කින් සමන්විත වනවා.