බන්ධනාගාරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොණු කළ අභියාචනය සළකා බැලීම ලබන 22 දක්වා කල් තැබුණා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානය ඉදිරිපත් කළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නොපැමිණීම හේතුවෙන් ඇප අයදුම්පත සළකා බැලීම කල් තබන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේට ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අද (19) දිනයේත් ස්ථාන කිහිපයක දී අදහස් පළ කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Qat6KQB0-GQ”]