ඖෂධ හිඟයක්ඇති වුවහොත් එහි වගකීම රෝහල් වෛද්‍ය අධිකාරිවරයා බාරගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල නිරීක්ෂණය කිරීමෙන් පසු පැවැත්වූ සාකච්ඡාවක දීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ පවතින ගැටලු නිරාකරණය කිරිමට මම පියවර ගන්නවා. මහල් 04 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරිම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තා. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 793 ක්. වෛද්‍යවරුන් සදහා නිල නිවාස 5000 ක් ඉදිරියේදී ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන් පසු හෙද හෙදියන් සහ අතුරු වෛද්‍ය සේවා සදහා නිල නිවාස ඉදිකරනවා. සියලුම රෝහල්වලට සුර්යකෝෂ මගින් විදුලිය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේ දී සිදු කරනවා. එමගින් විදුලි බිලෙන් මිලියන ගණනාවක් ඉතිරිවෙනවා. ගිලන් රථ 450ක් ඉදිරියේ දී රෝහල්වලට ලබාදෙනවා. හෘද රෝගීන් සදහා අවශ්‍ය ටෙනෙක්ටර්ප්ලස් නැමැති ඖෂධය සියලුම රෝහල්වලට ලබාදුන්නා. මොණරාගල මහ රෝහලේ එම ඖෂධය නොමැති නම් එය රෝහල් අධ්යක්ෂවරයාගේ වරදයි. රුපියල් ලක්ෂ 100 ක් රෝහල් අධ්යක්ෂවරයාට ලබාදී තිබෙනවා දෛනික කටයුතු සදහා වියදම් කිරීමට. තව ද ඖෂධ හිගයක් ඇති වුවහොත් හදුන්වාදී ඇති මෘදුකාංගය භාවිත කර ලඟම පිහිටි රෝහලෙන් ගෙනඑන්න පුලුවන්. කිසිදු රෝහලක ඖෂධ හිගයක් නැහැ. ඖෂධ හිගයක් ඇති වුවහොත් එහි වගකීම වෛද්‍ය අධිකාරිවරයා භාරගත යුතුයි. මොණරාගල රෝහල සංවර්ධනය කිරිම සදහා අක්කර 17 ½ ක ඉඩමක් ලබාගෙන තිබෙනවා. එහි සිදු කිරිමට යෝජිත සංවර්ධන වැඩසටහන් පිළිබද වාර්තාවක් මට ලබාදෙන්න.”
මෙම සාකච්ඡාවවට රෝහල් අධ්යක්ෂවරයා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල එක්ව සිටියා. එහිදී ඉදිරිපත් වූ ගැටලුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා සාර්ථක විසදුම් ලබාදුන්නා. නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.