කලුතර හා කටුකුරුන්ද ප්‍රදේශවල සිදු කෙරුණු හදිසි ආහාර අලෙවිසල් පරික්ෂාවක දී ස්ථාන 15කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරුණා. උතුරු කලුතර, දකුණු කලුතර හා කටුකුරුන්ද ප්‍රදේශවල ආපන ශාලා හා බේකරි 50ක් පමණ මෙහි දී පරික්ෂාවට ලක් කෙරුණා.
ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඇතුලු 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා එක්වුණා. කලුතර වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිවයි පරික්ෂාව සිදු කෙරුණේ. ආහාර ගබඩා කිරීම, ආහාර පිසීම, අලෙවිය ඇතුලු අංශ කිහිපයක් පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. සෞඛ්යාරක්ෂිත නොවන ලෙස ආහාර අලෙවි කළ ආපන ශාලා 15 කට එරෙහිව නඩු පැවරීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. තවත් වෙළෙඳසල් හා බේකරි කිහිපයකට දැඩි ලෙස අවවාද කිරීමට ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගත්තා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=VLa2vf85lVs”]