ලෝක ගිනි අවි භාවිතයෙන් සියයට හතලිහක් ඇමරිකා සිවිල් වැසියන් සතුවන බව අධ්‍යයනයකින් හෙලිවුණා. ජගත් සංවිධානයට අනුබද්ධ ආයතනයක් එය සිදුකර තිබෙනවා. රටවල් 133 ක දත්ත ඔවුන් පරිහරණය කළා. ලොවපුරා ගිණි අවි භාවිත කරන සංඛ්‍යාව මිලියන 857 ක්. ඉන් මිලියන 393 ක් ඇමරිකා ජාතිකයන් බවයි අධ්‍යයනයෙන් හෙලිවුණේ. බොහෝ රටවල ගිණි අවි භාවිතය සදහා දැඩි සීමා පනවා ඇති බවත් ජගත් සංවිධානය ප්‍රකාශ කළා.